Thursday, September 19, 2024

General line - 0115112241

විදෙස් ශ්‍රමික අවම වැටුප වැඩි කෙරෙයි




විදෙස් රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ අවම වැටුප ලබන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට අමෙරිකානු ඩොලර් 300 ක් දක්වා වැඩි කෙරෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.

ඇය ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (05) පැවති උත්සවයකදීයි.

අමෙරිකානු ඩොලර් 300ක් යනු ශ‍්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් හතළිස් තුන් දහස් පන්සීයක් පමණ වනවා.