Thursday, September 19, 2024

General line - 0115112241

“විවේචනය කළා දැන් ඇති – එන්න ඉඩ දෙන්න”




මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග සිටින ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙක් ළඟදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්වන බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය අද (05) කියා සිටියා.

ඒ, කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම පැවසුවේ “දැන් ඒකාබද්ධ විපක්ෂය විවේචනය කළා ඇති. එක්සත් ජාතික පක්ෂයට කඩේ ගියාත් දැන් ඇති. විමල්, ගම්මන්පිල ඒ වැඩේ කරපු දෙන්. අනිත් අයට මම ආරාධනා කරනවා අලුත් ගමනක් යන්න එන්න කියලා.” යනුවෙනි. එන්න ඉන්න පිරිසට එන්න ඉඩ නොදෙන්නේ මාධ්‍යවේදීන් බවත් හෙතෙම සඳහන් කළා.

අද රාතී‍්‍රී 7.30 ට ප‍්‍රචාරය කෙරෙන නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වන්නේ ද බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රියයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා ද ඊට සහභාගි වනවා.