Thursday, September 19, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයට අත් දෙකම ඔසවන්න රෝහිත සූදානම්




එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අත් දෙකම ඔසවා ඊට සහාය දෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

නඩු විභාගයක් සඳහා අද (05) කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවසුවා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “සිරිමා‍වෝ මැතිණියගෙ ප්‍රජා අයිතිය අහෝසි කළේ එක්සත් ජාතික පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා පක්ෂ සම්මේලනයෙදි ඒක කිව්වා. ඒ නිසා UNP එකත් එක්ක අපි දීග කන්නෙ නැහැ.” යනුවෙනි.

වත්මන් ආණ්ඩුව බේරාගත නොහැකි පරිදි රෝගී වී ඇතැයි ද රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.