Friday, March 29, 2024

General line - 0115112241

අතුරුදන්ව සිට සොයාගත් ව්‍යාපාරිකයා බන්ධනාගාරයට (UPDATE)




අතුරුදන්වී සිට සොයා ගැනුනු බණ්ඩාරගම කෝටිපති ව්‍යාපාරිකයා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.

වයස අවුරුදු 25 ක් වන මෙම ව්‍යාපාරිකයා එම්.එම්. මොහොමඞ් නමැත්තෙක්. ති‍්‍රකුණාමලය පොලීසිය විසින් බී වාර්තාවක් මගින් ඔහු ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී ප‍්‍රකාශ කෙරුණේ මෙම ව්‍යාපරිකයා රාජ්‍ය නිලධාරීන්ට අසත්‍ය ප‍්‍රකාශ කරමින් සැඟවී සිටීමට උත්සහ කර ඇති බවයි. කරන ලද වරදෙහි සාක්ෂි සැඟවීමටද ඔහු උත්සහ කර ඇතැයි ප‍්‍රකාශ කෙරුණා. ජාතීන් අතර වෛරයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළ බවටද මෙම ව්‍යාපාරිකායට බී වාර්තාවෙන් චෝදනා නගා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.


බණ්ඩාරගම ව්‍යාපාරිකයා කළ බොරුව

(Sep 7, 2016 @ 13:26)

දින කිහිපයකට පෙර අතුරුදන් වූ බව කියූ බණ්ඩාරගම කෝටිපති ව්‍යාපාරිකයා සිය ණය බරෙන් මිදීම සදහා අතුරුදන් වූ බවට සැලසුම් සහගතව ප‍්‍රචාරයක් යවා ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ති‍්‍රකුණාමලයේ රාජ්‍ය බැංකුවක රන් ආභරණ වෙන්දේසියකට ගොස් සිටියදී මෙම පුද්ගලයා අතුරුදන් වූ බවට වාර්තා පළ වුණේ ඉකුත් ඉරිදා දිනයේදීයි. ඒ පිළිබද පරීක්‍ෂණ පැවැත්වූ පොලීසිය සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්දුම්මුල්ල ප‍්‍රදේශයේදීයි. පසුව ඔහු වැඩිදුර විමර්ශන සදහා ති‍්‍රකුණාමලය පොලීසිය වෙත රැගෙනආ බවද පොලීසිය සදහන් කළා.