මෙරට උද්ධමනය පහළ යාම තවත් මාස දෙකක් පමණ පැවතිය හැකි බව ආර්ථික විද්වතුන් පවසනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට සෘණ 1.7 ක් දක්වා පහළගොස් ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.
උද්ධමනය සහ වෙළඳපොලේ පැවති මිල ගණන් පහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පැවසුවා.
ආර්ථික අර්බුදය හමුවේ මීට පෙර සියයට 70 ක් දක්වා උද්ධමනය ඉහළ ගිය බවයි ඔහු කියා සිටියේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා.