Wednesday, April 17, 2024

General line - 0115112241

බදුල්ල මහ රෝහලේ පිපිරීමක් – හෙදියකට තුවාල




බදුල්ල මහ රෝහලේ වාට්ටුවක් තුළ සිදු වූ පිපිරීමකින් හෙදියක් පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

වාට්ටුව තුළ තිබූ වයිං ස්ප‍්‍රිත්තුවලින් දල්වන ලද ලාම්පුවක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

රෝගියෙකුගේ මුත‍්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීමට යාමේ දී මෙය සිදුව තිබෙනවා.

තුවාල ලැබු හෙදියගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.