Friday, September 20, 2024

General line - 0115112241

පරිස්සමෙන්! ෆේස්බුක් HACK කළ හැකි භායනක SPAM එකක් දැන් බුකියේ!



කාලෙන් කාලෙට එක එක වර්ගයේ ‘facebook spam‘ facebook එකේ පැතිර යනවනේ..

මේ කියන්න යන්නේ මේ දවස්වල facebook පුරා පැතිරී යන facebook spam එකක් ගැන

මේක ටිකක් විතර භයානක ස්පෑම් එකක් මොකද මේ ස්පෑම් එකෙන් ඔයාගේ ෆේස්බුක් ගිණුම හැක් වීමට පවා අවස්ථාවක් තිබෙනවා.

මොකක්ද මේ ස්පෑම් එක?

ඔයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කාගෙන්හරි නොටිෆිකේෂන් එකක් එනවා එයා ඔයාගේ timeline එකට ලින්ක් ෂෙයාර් කළා කියලා.

බලපුවාම මේ විදයට තමයි ඒක පෙන්නේ

14317406_340195062990881_3213750378097682238_n

මේ ලින්ක් එකේ thumbnail පින්තුරේ තියෙන්නේ ඔයාගේ පින්තූරේ නැත්නම් ප්‍රොෆයිල් පික්චර් එක.

ඒ විතරක් නෙමෙයි ලින්ක් එකේ title එකේ තියනවා පෙන්නේත් ඔයාගේ නම .

තමන්ගේ පින්තූරෙත් තියන title එකේ තමන්ගේ නමත් තියන මේ වගේ දෙයක් දැක්කට පස්සේ ඕන කෙනෙකුට පොඩි කුතුහලයක් එනවා මේ ලින්ක් එක ක්ලික් කරලා බලන්න.

මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ යන්නේ ෆේස්බුක් වගේම පේන වෙබ්සයිට් එකකට.ගියාට පස්සේ ඔයාට අර ලින්ක් එක බලන්නනම් එක එක ප්ලගින්ස් වගයකුත් ඉන්ස්ටෝල් කරගන්න කියනවා

මේ ප්ලගින් එකට පුළුවන් ඔයා යන ඕනෑම වෙබ් අඩවියක තියන දත්ත (ඔයාගේ බ්‍රව්සරේ තියන) කියවන්න සහ වෙනස් කරන්න.

ඒ නිසා බැරිවෙලාවත් ඔයාගේ වෝල් එකට කවුරුහරි ඔයාගේ යාලුවෙක් ලින්ක් එකක් ෂෙයාර් කරලා තිබුණොත් ඒක ක්ලික් කරන්න යන්න එපා.

වැරදිලාවත් මේ වගේ ලින්ක් එකක් ක්ලික් වුණා නම් ඒ වෙලාවෙම ෆේස්බුක් පාස්වර්ඩ් එක වෙනස් කරලා බ්‍රව්සර් එකේ කෑෂ් ක්ලියර් කරන්න..