Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුවට ගියොත් ගිණුමට ලක්ෂ දෙකක්




පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එක්කර ගැනීම සඳහා ආණ්ඩුව අල්ලස් ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර පවසනවා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “දැන් ආණ්ඩුවට යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිණුම්වලට රුපියල් ලක්ෂ දෙකක් දානවා. ජනතාවට වැට් එක..ආණ්ඩුවට යන මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙකක්. ඒ වගේම වසර 04 කින් තමන්ටම අයිති වෙන විදිහට අලුත් ප්‍රාඩෝ ජීප්රථ සියලුම මන්ත්‍රිවරුන්ට ගෙනත් දෙන්න හදනවා. මේවා අරගෙන යන්නැති මන්ත්‍රීවරුන්ට මල් තියලා වඳින්න ඕනේ.” යනුවෙනි.

ජානක වක්කුඹුර මන්ත‍්‍රීවරයා එම අදහස් පළ කළේ මොනරාගල කොඩියාන ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීයි.