Friday, September 20, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ භූකම්පන තත්ත්වයක් – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි




දකුණු කොරියාවේ අද (12) එරට වේලාවෙන් පෙරවරු 10.44 පමණ සිදු වූ භූකම්පනයෙන් පසු තවත් කම්පන තත්ත්වයන් සිදුවෙමින් ඇති බව වාර්තා වෙනවා.

මුලින් සිදුව ඇති භූකම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 4.9 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුව එරට වේලාවෙන් රාත්‍රී 8.30 ට පමණ සිදු වූ කම්පනය මැග්නටියුඩ් 5.4 ලෙස සටහන්ව තිබෙනවා.

පසු කම්පනයේ ප්‍රබලත්වය මුල් කම්පනයට වඩා වැඩි හෙයින් ඉදිරියට සිදුවෙන කම්පන තත්ත්වයන් පිළිබඳ එරට ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

දකුණු කොරියාවේ නිරිතදිග ප්‍රදේශයෙන් මෙම කම්පන තත්ත්වයන් වාර්තා වුණා.

මේ අතර එරට සිටින ශ්‍රී ලාංකියන් දැනුවත් කිරීම සඳහා ෆේස්බුක් ලයිව් සන්නිවේදන ක්‍රමය හරහා ශ්‍රී ලංකික තරුණයෙක් කටයුතු කරමින් සිටිනවා.

ශ්‍රී ලාංකිකයන් 25000 කට වැඩි පිරිසක් දකුණු කොරියාවේ රැඳී සිටිනවා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි) (වීඩියෝවේ හඬ ලබාගැනීම සඳහා මවුස් එක රයිට් ක්ලික් කර Unmute කරගන්න)

 

earth

01