Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ භූ කම්පනවලින් ශී‍්‍ර ලාංකිකයන්ද විපතට පත්වූයේ දැයි විමර්ශන




දකුණු කොරියාවේ ඊයේ (12) සිදුවූ භූ කම්පනවලින් ශී‍්‍ර ලාංකිකයන්ද විපතට පත්ව සිටින්නේ දැයි විමසිල්ලෙන් සිටින බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව බලපෑමට ලක්වූ ප‍්‍රදේශවල සිටින ශී‍්‍ර ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස්කරන බවයි එහි කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ නීතිඥ උපුල් දේශපි‍්‍රය කියාසිටියේ. ශී‍්‍ර ලාංකිකයන් විසිපන්දහසකට වැඩි පිරිසක් දකුණු කොරියාවේ රැකියාවල යෙදී සිටින බවද ඔහු සිහිපත් කළා.

මේ අතර මෙම භූකම්පනවලින් සිදුවූ හානිය පිළිබඳ තහවුරු කළ වාර්තා කිසිවක් තවමත් ප‍්‍රසිද්ධ කර නැහැ.

කොරියා ටයිම්ස් වෙබ් අඩවිය පවසන්නේ පුද්ගලයන් 6 දෙනෙකු පමණක් තුවාල ලබා ඇතැයි වාර්තා වන බවයි. බලපෑමට ලක්වූ ගියොන්ජූ ප‍්‍රදේශයේ න්‍යෂ්ඨික බලාගාර 4 ක් තාවකාලිකව වසා දමා ඇතැයි ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙබ් අඩවිය කියාසිටියා.

යෝනෑප් ප‍්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ සිදුවූ පළමු භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් ඒකක 5.3 ක් බවයි. බලපෑමට ලක්වූයේ දකුණු කොරියාවේ නිරිත දිග ප‍්‍රදේශ බවද එහි දැක්වෙනවා.

ඇති වූ දෙවන භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් ඒකක 5.8 ක් බවයි සඳහන් වන්නේ. 1978 වසරෙන් පසු දකුණු කොරියාවේ සිදුවූ ප‍්‍රබලතම භූ කම්පනයද මෙය වන බව කොරියා ටයිම්ස් වෙබ් අඩවිය කියාසිටියා.

දෙවන භූ කම්පනයෙන් පසු පැය 2 ක් පමණ ඇතුළත පසුකම්පන 22 ක් ද ආශි‍්‍රත ප‍්‍රදේශවල ඇති වී තිබෙන බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කළේ.

untitled

  ÁöÁø °ü·Ã ºê¸®ÇÎ     (¼­¿ï=¿¬ÇÕ´º½º) À±µ¿Áø ±âÀÚ = °æÁÖ ±Ô¸ð 5.8 ÁöÁøÀÌ ¹ß»ýÇÑ 12ÀÏ ¿ÀÈÄ ¼­¿ï µ¿ÀÛ±¸ ±â»óû ±¹°¡ÁöÁøÈ­»ê¼¾ÅÍ¿¡¼­ À¯¿ë±Ô ÁöÁøÈ­»ê°¨½Ã°úÀåÀÌ ºê¸®ÇÎ ÈÄ °ü·Ã ÀڷḦ ¼³¸íÇÏ°í ÀÖ´Ù. 2016.9.12     mon@yna.co.kr/2016-09-12 21:51:48/

14322262_1649275312050893_8749720071681646193_n 14329931_1649275282050896_8038730393716135214_n 14333148_1649275105384247_1450862424846480673_n 14333726_1649275365384221_8995185676218504693_n 14355693_1649275392050885_2120309157271355938_n