Saturday, April 20, 2024

General line - 0115112241

විමල් අද FCIDයට




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අද (14) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.

ඒ, ඔහු ඉදිරිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිදුවූ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි. මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ‘බී’ වාර්තාවක් මගින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේගේ සොහොයුරෙකු වන චානුක රත්වත්තේ ද අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබෙනවා. ඒ, ඔහුට අයත් සමාගමක් සී.එස්.එන්. ආයතනයේ කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමටයි.