Friday, April 19, 2024

General line - 0115112241

සිංහරාජයෙන් මතුවූ අලුත් සර්පයා (PHOTOS)




ශ්‍රී ලංකාවට ආවේණික නව සර්ප විශේෂයක් සිංහරාජ වැසි වනාන්තරය අවට ප්‍රදේශයෙන් සොයාගැනීමට මෙරට සිටින ප්‍රවීණ සර්ප විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සමත්ව තිබෙනවා. තුරුවියන් ස්ථරය ආශ්‍රිතව ජීවත් වන මෙම සර්ප විශේෂය මීට වසර 12කට පමණ පෙර දෙනියාය ප්‍රදේශයට අයත් සිංහරාජ වනයෙන් වාර්තා වී ඇත.

පසුව සිදු කරන ලද පර්යේෂණවල දී තුඩව, අත්වැල්තොට, හොරගස්මංකඩ, පැලෑන, කකුළේගඟ වැනි ප්‍රදේශවලින් ද මෙම නව සර්ප විශේෂය හමුව ඇත. සිදු කරන ලද පර්යේෂණවල පර්යේෂණ පත්‍රිකාව එළිදැක්වීමත් සමග Dendrelaphis Sinharajensis නම් සර්ප විශේෂය විද්‍යා ලොවට හඳුන්වාදීම සිදු විය.

එමෙන්ම පහතරට වැසි වනාන්තර ආශ්‍රිතව දිවි ගෙවන මෙම සර්පයා නිර්විෂ බව ද වික්‍රමසිංහ මහතා පැවසීය. වර්ග කිලෝමීටර් 57.69ක ප්‍රදේශයක් තුළ වාර්තා වන මෙම සර්ප විශේෂය දුර්ලභය. දිගින් මිලි මීටර් 672ක් පමණ වන මෙම සර්ප විශේෂය සිහින් දිග සිලින්ඩරාකාර ශරීරයකින් යුක්ත වේ. තරමක් විශාල පැතලි හිසකින් ද යුක්තය. ශරීරයේ පූර්ව කොටස රතු පැහැයෙන් යුතු වන අතර බියට පත් වූ අවස්ථාවල ශරීරයේ ඉදිරිපස කොටස පුම්බන අතර එවිට රතු පැහැය හොඳින් දර්ශනය වේ.

කළු පැහැති ඉරි දෙකක් දක්නට ලැබෙන අතර එහි මැද සුදු පැහැතිය. ශරීරයේ පහළ කොටස අක්‍රමවත් දුඹුරු පැහැති ඉරිවලින් යුතුය. දුඹුරු පැහැ ගස්වල සිටින විට දර්ශනය වීම අවම බව ද වික්‍රමසිංහ මහතා පවසනවා.

dendrelaphis-sinharajensis-www-nethnews-lk00001 dendrelaphis-sinharajensis-www-nethnews-lk00002 dendrelaphis-sinharajensis-www-nethnews-lk00003 dendrelaphis-sinharajensis-www-nethnews-lk00004 dendrelaphis-sinharajensis-www-nethnews-lk00005 dendrelaphis-sinharajensis-www-nethnews-lk00006 dendrelaphis-sinharajensis-www-nethnews-lk00007 dendrelaphis-sinharajensis-www-nethnews-lk00008 dendrelaphis-sinharajensis-www-nethnews-lk00009