Wednesday, April 24, 2024

General line - 0115112241

ජවිපෙ විරෝධතා සාර්ථකයි - සාම්පූර් ගල්අඟුරු බලාගාරය නවතා දැමීමට රජයෙන් තීරණයක්




යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම නතර කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ එම ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධානයක් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනුණු අවස්ථාවේදියි.

මින්පෙර ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය සහ විවිධ සිවිල් ක්‍රියාකාරිකයන් සාම්පූර් බලාගාරය ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව සමග විරෝධතාවයක් ගෙන ගියා.

ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ විසින් සාම්පූර් බලාගාරයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

සාම්පූර් බලාගාරය මගින් මෙගාවොට් 1500ක විදුලි ධාරිතාවක් නිපදවීමට සැලසුම් කර තිබුණා.