Saturday, April 20, 2024

General line - 0115112241

සංඛපාල ඇසළ මංගල්‍යය අදින් ඇරඹේ




ඓතිහාසික පල්ලෙබැද්ද ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය අදින් ආරම්භ වනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ  ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල ස්වාමින් වහන්සේ  පැවසුවේ අද (14) පිරිත් දේශනයෙන් ඇසළ මංගල්‍යය සමාරම්භය සනිටුහන් කරන බවත් පසලොස්වක පෝ දින කුඹල් පෙරහර ඇරඹෙන බවත්, 20වනදා අවසන් මහා පෙරහරද , 21දා ගම්මඩු ශාන්ති කර්මයද, 22දා රාත්‍රී දහඅටසන්නි ශාන්තිකර්මය පවත්වා 23දා පෙරහර මංගල්‍යය නිමාවන බවයි.

මේ අතර කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ ඇසළ මංගල්‍යයේ 3වන දිනය අදයි.

මෙම ඇසළ උත්සවයන් සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්.එම් රේඩියෝවයි..