Friday, March 29, 2024

General line - 0115112241

දිගු සති අන්තයට අමතර දුම්රිය




එළැඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර විශේෂ දුම්රියන් දෙකක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මගී ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ පැවසුවේ.

ඒ අනුව හෙට දිනයේ අලූයම 5.20ට කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් මහනුවර බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි. බිනර පොහොය යෙදී ඇති 16වන සිකුරාදා මහනුවර සිට කොළඹ කොටුව දක්වා තවත් විශේෂ දුම්රියක් යොදවා තිබෙනවා. අලූයම 5.50ට මහනුවරින් එම දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි.