Friday, April 26, 2024

General line - 0115112241

සිගරැට්ටුවෙන් රට සශ්‍රීක කරන හැටි බන්දුල පහදයි




නිෂ්පාදන විධිවිදාන බද්ධ වෙනස් නොකෙට සිගරැට්ටුවකින් රුපියල් 20ක බද්ධක් අය කිරීමෙන් වසරකට කෝටි 8200ක් ඉපයිය හැකිබව, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙන්වා දෙනවා.

වසරකට දුම්වැටි වලින් උපයන බදු ආදායම රුපියල් බිලියන 80ක් බවත්, තමා පෙන්වාදෙන ආකාරයට කටයුතු කළහොත් ඉන් තවත් රුපියල් බිලියන 82 ඉපයිය හැකි බවත් පෙන්වාදෙන මන්ත්‍රීවරයා ඉන් රුපියල් බිලියන 162ක් දුම්වැටි වලින්ම ඉපයිය හැකි බව පවසනවා.

බදු වැඩි කිරීමෙන් සිගරට් බීම අඩු වන බැවින් ලෙඩ අඩුකළ හැකි බවද ඔහු පෙන්වා දෙනවා. බදු වැඩිවීම නිසා සිගරට් බීම අඩුවන බව ඔහු සඳහන් කළද එවිට බලාපොරොත්තු වන බදු ආදායම අහිමි වනු ඇති බවක් පැවසූවේ නැත.