Wednesday, April 24, 2024

General line - 0115112241

සිසුවෙකුට ගැසූ සිසුන් 03ක් අත්අඩංගුවට! විදුහල්පති වැඩේ යට ගහලා




බණ්ඩාරවෙල හල්පේ මධ්‍ය මහා විද්‍යාලයේ 11වන ශ්‍රේණියේ සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේම 12වන ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර සිසුන් තිදෙනා විසින් අනෙක් සිසුවාට පොල්ලකින් පහර දී තුවාල සිදුකර ඇති බවයි ඇල්ල පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වූ සිසුවා ප‍්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බදුල්ල රෝහල් පොලිසියෙන් දැනුම් දෙන තුරු සිසුවාගේ පාසලේ විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර නැහැ. සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය කටයුතු සිදුකරන බවද පොලිසිය පැවසුවා.