Tuesday, April 23, 2024

General line - 0115112241

වැලිකඩින් බෝගම්බර ගිය දෙමටගොඩ චමින්ද මහරට




භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද නමැත්තා මහර බන්ධනාගාරය වෙත මාරු කිරීමට තීරණයකර ඇතැයි වාර්තාවනවා. චමින්ද වැලිකඩ බන්ධනාගාරයේ සිට පසුගිය 09දා අලූයම දුම්බර පිහිිටි බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කරනු ලැබුවා.

කොළඹ අධිකරණයන්හි විභාගවන නඩු සඳහා ඔහු ඉදිරිපත් කළ යුතු බැවින් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටීමෙන් ඇතිවන ප්‍රායෝගික ගැටළු වළකා ගැනීමට මෙම තීරණය ගෙන තිබෙනවා. ඔහු මේවනවිටද රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ බවයි වාර්තා වන්නේ.