Friday, April 26, 2024

General line - 0115112241

මෙහෙකාරිය දූෂණය කළ නඩුවෙන් විනිසුරු නිදොස්කොට නිදහස්




සිය නිවසේ මෙහෙකාරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බවට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲට නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් අවසන් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා. සරත් ආබෲ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙහිදී කියා සිටියේ සිය සේවාදායකයා ඉකුත් මස 15 වෙනිදා හදිසි අනතුරකින් මියගොස් ඇති බවයි. එබැවින් ඔහුට එල්ල වී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බැවින් සිය සේවාදායකයා නිර්දෝෂී අයෙකු ලෙස නම් කරන්නැයි විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ වන තෙක් විත්තිකරුට එරෙහි චෝදනා ඔප්පු කර නොමැති බැවින් ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු ලෙසට සැලකිය හැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙහිදී ප‍්‍රකාශ කළා. මීට අමතරව සරත් ආබෲට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා කි‍්‍රයාකළ යුතු බවට විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීමක් මෙහිදී ප‍්‍රතික්ෂේප කෙරුණා. යම් විත්තිකරුවෙකු මියගොස් ඇත්නම් අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීමක් අවශ්‍ය නොවන බවත් සිදුකළ යුත්තේ නඩු කටයුත්ත අවසන් කිරීම බවත් මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී දැනුම් දුන්නා.