Tuesday, April 16, 2024

General line - 0115112241

FCIDය විමල්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට ප‍්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා. ඒ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඉංජිනේරු සංස්ථාවේ වාහන අව භාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කැඳවීමක් අනුව විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා අද (14) උදෑසන 9.00ට පමණ එම කාර්යාලය වෙත පැමිණියා. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසුවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව කි‍්‍රයාත්මක කරන දේශපාලන මර්දනයේ කොටසක් ලෙස මෙම කැඳවීම ද සිදුකර ඇති බවයි.