Friday, April 26, 2024

General line - 0115112241

චානුක රත්වත්තේ ඇතුලු පිරිස රිමාන්ඩ්




සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් බිලියන 4.2 ක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් චානුක රත්වත්තේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු සමග ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස්  යන අයද සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරිමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.

චානුක රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ සොහොයුරායි.