Saturday, April 20, 2024

General line - 0115112241

පල්ලෙබැද්ද සහ ගැටබරු පෙරහැර මංගල්‍ය අදත්




පල්ලෙබැද්ද ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ 2016 ඇසළ මහා පෙරහැර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන තිස්පැයේ පිරිත් දේශනාව ඊයේ (14) අවසන් වුණා.

ඒ අනුව අද (15) දහවල් සඝසතු දානය හා සංඛපාල චෛත්‍ය වන්දනාව සිදු කෙරෙනු ඇති. පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර හෙට (16) වීථි සංචාරය කෙරෙනවා. මහ පෙරහැර වීථි සංචාරය කෙරෙන්නේ ලබන 20 වනදායි. ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.

මේ අතර ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි මහ පෙරහැර අද (15) රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. අවසන් පේළි පෙරහැර ඊයේ රාත‍්‍රියේ වීථි සංචාරය කෙරුණා. උඩමළුවේ මහා දේව තොවිලය පැවැත්වෙන්නේ ලබන 17 සහ 18 යන දෙදිනයි. අලුයම ගිනි පෑගීම සහ දහවල් දේව දානය ලබන 18 වැනිදා පැවැත්වෙනවා. ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යය සඳහා ද මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.