Friday, September 20, 2024

General line - 0115112241

ජීවිත 05 ක් බිලිගත් බිහිසුණු අනතුරේ වීඩියෝව මෙන්න




කිලිනොච්චිය, පලෙයි ධර්මකේනි ප‍්‍රදේශයේ අද (15) උදෑසන සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වනවා.

පලෙයි පොලිසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන් කළ වෑන් රථයක් හා යාපනය සිට මතුගම දක්වා ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වි ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බැව්ද පොලිසිය පැවසුවා.

පලෙයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අනතුරින් තුවාල ලැබූවන් කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කොට ඇති බවයි.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

15-09-2016-kilinochchi-palai-accident-news-1 15-09-2016-kilinochchi-palai-accident-news-2 15-09-2016-kilinochchi-palai-accident-news-8 15-09-2016-kilinochchi-palai-accident-news-11 15-09-2016-kilinochchi-palai-accident-news-12


බස් – වෑන් අනතුරෙන් 04 ක් මරුට

(Sep 15, 2016 @ 07:54)

කිළිනොච්චි, පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් අනතුරකට මුහුණ දී තිබෙනවා.

අනතුරෙන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අද (15) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.