Friday, September 20, 2024

General line - 0115112241

හම්බන්තොට පොලිසියේ 04 කට වැඩ වරදියි




පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

අදාළ තරුණයා අතුරුදන් වී ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටියදී බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ (14) සඳහන් කළා.

මෙලෙස අතුරුදන්වී සිටින්නේ වී ගබඩාවකින් වී සොරාගත් බවට සැක පිට අත්අඩංගුවට ගත් තරුණයෙක්. ඉදිරි දින දෙක ඇතුළත සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.