Friday, September 20, 2024

General line - 0115112241

මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සැප්තැම්බර් මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


අත්අඩංගුවට ගත් මහින්දානන්ද මහේස්ත්‍රාත් හමුවට (UPDATE)

Sep 15, 2016 @ 10:42

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් බොරැල්ල කිංසිපාරේ නිවසක් ඉදිකර තිබෙනවා. එම නිවස ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගත්තේ කෙසේද යන්න තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගැනුණා.


මහින්දානන්ද අත්අඩංගුවට

(Sep 15, 2016 @ 10:31)

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අද (15) පෙරවරුවේ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.