Monday, December 9, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද ඇරඹේ




18 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද ආරම්භ වනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ‍්‍රයේදීයි.

ලබන 25 වනදා තෙක් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සදහා සියලූ කටයුතු සූදානම් බවයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති එච් ඞී පේ‍්‍රමසිරි පැවසුවේ.

හෙට දිනයේ ප‍්‍රදර්ශනය මධ්‍යම රාති‍්‍ර 12 දක්වා විවෘතව පවතින බවයි සභාපතිවරයා කියාසිිටියේ.

මෙවරද පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝව නෙත් එෆ් එම් රේඩියෝවයි.

නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියක්ද පොත් ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබෙනවා.

ඔබ නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණියහොත් ත්‍යාග දිනා ගැනීමටද අවස්ථාවක් උදාකරගත හැකියි.

ඔබ වෙනුවෙන්ම තරග රැසක් සංවිධාන කර ඇති අතර ඊට සහභාගි වන්නන්ට වටිනා ත්‍යාග ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව පාසල් පුස්තකාල සදහා ලබාදීමට පොත්පත් ලබාදීමේ සමාජ සත්කාරයටද නෙත් එෆ් එම් විශේෂ කුටියේදී ඔබට දායක වියහැකියි.

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට ඔබේ අදහස් හා යෝජනා එක් කිරීමට ඉඩකඩ ලබාදීමටද පියවර ගෙන තිබෙනවා.