Friday, September 20, 2024

General line - 0115112241

බිනර පුන් පසලොස්වක පොහොය අදයි




මෙහෙණි සසුන ආරම්භ වූ බිනර පුන් පසලොස්වක පොහොය අදයි.

බිනර පුර පසළොස්වක පෝදා නෙත් එෆ්. එම්. ශ්වේත පූජා වැඩසටහන ඓතිහාසික සංඛපාල රජමහා විහාරස්ථානයේ සිට සජීවීව විකාශනය කෙරෙනවා.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, යුගාසන කාව්‍යමය ධර්ම දේශනා මෙන්ම ආශිර්වාද පූජාවක් ද ශ්වේත පූජා වැඩසටහනට ඇතුළත්.

මේ අතර පල්ලෙබැද්ද ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ 2016 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීථි සංචාරය කෙරෙනවා.

මේ අතර ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි මහ පෙරහැර ද අද රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

උඩමළුවේ මහා දේව තොවිලය පැවැත්වෙන්නේ හෙට සහ අනිද්දා දෙදිනයි.

ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍යට හා ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යයට මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.