Friday, September 20, 2024

General line - 0115112241

SLFP හා TNA එක්වෙයිද?




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගත වී ඇතැයි සිදුකරන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පංච මහා බලවේගයෙන් සැදුම්ලත් පක්ෂයක් බවත් මේ නිසා සිංහල මුස්ලිම් දෙමළ ඇතුළු සියලු ජාතීන් පක්ෂය නියෝජනය කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය

එහෙත් එසේ වූවා යැයි කියා දෙමළ ජාතික සන්ධානය සමග සන්ධනාගත වීමක් සිදුව නැතැයිද හෙතෙම සඳහන් කළේය

දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටතුළ සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳ පැසසුමට ලක්කර තිබෙන බවත් එය පදනම් කරගෙන මෙවැනි කතා ප්‍රචාරයවී තිබෙන බවත් ඔහු පවසා සිටියේය