Friday, April 26, 2024

General line - 0115112241

සීනි මිලත් හෙල්ලෙයි!




ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමෙන් තොග මිල ගණන් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් දුඹුරු සීනි කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 15 කින් ඉහළ යන බවයි අවධාරණය කෙරුණේ.

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ දැමීමටයි රජය තීරණය කළේ.

ඒ අනුව සීනි කිලෝග‍්‍රෑම් එකක් සඳහා මෙතෙක් පනවා තිබූ ශත 25 ක බද්ද රුපියල් දෙකක් දක්වා ඉහළ ගියා. මීට අමතරව ආනයනික දුඹුරු සීනි සඳහා ද රුපියල් 15 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සීනි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොවන බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ.