Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට විශාල පිරිසක්




18වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ පළමු දිනය වූ අද විශාල පිරිසක් ඊට සහභාගි වී තිබෙනවා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ‍්‍රයේ පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය ආරම්භ කෙරුණේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා ප‍්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහගේ ප‍්‍රධානත්වයෙන්.

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස කටයුතු කරන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ විශේෂ කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙනවා. පොත් ප‍්‍රදර්ශනයට සහභාගි වන ඔබ නෙත් එෆ්.එම්. කුටියට පැමිණියහොත් ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාවක් උදාකරගත හැකියි.

නෙත් එෆ්.එම්. ශ‍්‍රාවක ඔබ වෙනුවෙන් තරග රැසක් එහිදී සංවිධාන කර තිබෙනවා. ඊට අමතරව පාසල් පුස්තකාල සඳහා ලබාදීමට පොත්පත් එකතු කිරීමේ නෙත් එෆ්.එම්. සමාජ සත්කාරක වැඩසටහනට ද එහිදී ඔබට දායක විය හැකියි.