Monday, March 20, 2023

General line - 0115112241

ආරුගම්බේ සංචාරක හෝටල් හයක් වටලයි




පොතුවිල් ආරුගම්බේ වෙරළ තීරයේ බලපත‍්‍ර නොමැතිව මත්පැන් විකිණු සංචාරක හෝටල් හයක් වටලා තිබෙනවා.

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින්. මෙහි දී විදේශීය සහ දේශීය මත්පැන් බෝතල් දහසකට ආසන්න ප‍්‍රමාණයක් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහි දී සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පොතුවිල් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් හාරලක්ෂ හැට දහසක දඩයක් නියම කර තිබෙනවා.