Sunday, December 22, 2024

General line - 0115112241

පොතේ යුධ රහස් ගැන කමල් ගුණරත්නගෙන් ප්‍රකාශයක්




තමන් විසින් රචිත ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ කෘතියෙන් කිසිදු රහසක් හෙළි කර නැතැයි විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කිසියම් රහසක් ඇත්නම් ඒවා සියල්ල තමන් මිය යනවිට මිහිදන් විය යුතු බවයි. මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

“රහස් කියන ඒවා තියෙනවා රාජකාරී රහස් තියෙනවා , පුද්ගලික රහස් තියෙනවා නමුත් ඒවා එළිකරන ජාතියේ නිලධාරීන් නෙමෙයි අපි. රහස් තියෙනවනම් ඒ රහස් අපි මියයනවිට අපිත් එක්කම මියගිහිල්ලා වැළලෙයි. මගේ පොතේ කිසිම රහසක් කිසිම පාවාදීමක් කරලා නැහැ. අවුරුදු 35ක් යුනිෆෝම් එකක් ඇඳගෙන රටට ජාතියට සේවයක් කරපු මම කවදාවත් මගේ රටවත් , මගේ හමුදාවවත් පාවා දෙන්නේ නැහැ”.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වූ තමන් කිසිදා දේශපාලනයට අවතීර්ණ නොවන බව ද විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මෙහි දී සඳහන් කළා.

“කිසි දවසක මම දේශපාලනයට එන්නේ නැහැ. මට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. එකම දේ මම ගරුකරන පුද්ගලයින් ඉන්නවා. මම බොහොම පරිණත භාවයට පැමිණි යුධ හමුදා නිලධාරියෙක්. එහෙම පරිණත භාවයකට පැමිණි මම දැන් දේශපාලනයට ගියොත් මම ළදරුවෙක් දේශපාලනයේ. මට පරිණත භාවයට ගිහිල්ලා ආයේ ළදරුවෙක් වෙන්න් අවශ්‍ය නැහැ. ඒ නිසා කවදාවත් මම දේශපාලනයට එන්නේ නැහැ”.

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝවේ හෙට රාත‍්‍රියේ විකාශනය වන අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වන්නේ ද විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නයි. රාත‍්‍රී 7 යි 30 සිට වැඩසටහන විකාශය කෙරෙනවා.