Friday, April 26, 2024

General line - 0115112241

පොලිසිය වෙනස් කරන්න පොලිස්පති සැරසෙයි




රටේ මහජනතාවගේ අවශ්‍යතාවය පරිදි සමස්ත පොලිස් පද්ධතියම වෙනස් විය යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද (05) පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මහජනයාට පැහැදිළි නිශ්චිත සේවයක් ඉටුකිරීම සඳහා නිලධාරීන් විසින් ගත යුතුව ඇති තීරණ රාශියක් ඇති බවත් පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළා. පවතින උපදේශක කමිටු වෙනස් විය යුතු බවත් මේවා තවත් නොබෝ දිනකින් අහෝසි කර යළි වඩාත් සුදුසු පුද්ගලයින් යටතේ පත් කෙරෙන බවත් සඳහන් කෙරුණා.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරමින් පත්වීම් ලිිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.