Thursday, April 25, 2024

General line - 0115112241

බැඳුම්කර ගැන නව මහ බැංකු අධිපතිගෙනුත් අහයි




ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳ විගණකාධිපතිවරයා ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමග සාකච්ඡා කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

අද (05) පාර්ලිමේන්තුව අමතමින් කථානායකවරයා මේ බව කියා සිටියා.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැනට සිදු වෙමින් පවතින පරීක්ෂණවලට බාධා ඇති නොවන පරිදි කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා බවත් කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියා.