Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ හදිසි ජල බිඳවැටීමක්




කොළඹ නගරයේ ප‍්‍රදේශ රැසක ජල සැපයුම මේ වන විට ඇණහිට තිබෙනවා.

ඒ, අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට දෙහිවල ජල සම්පාදන මධ්‍යස්ථානය දක්වා යන ප‍්‍රධාන නල මාර්ගය තලංගම ඩිපෝව අසලදී පිපිරීමකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව දෙහිවල – ගල්කිස්ස නගර සභා සීමාව, වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, හැව්ලොක්, බම්බලපිටිය සහ කොල්ලූපිටිය ප‍්‍රදේශවල මේ වන විටත් ජල සැපයුම විසන්ධි වී තිබෙනවා.

ඊට අමතරව පැලවත්ත, ජයන්තිපුර, මුල්ලේරියාව, අඹතලේ සහ කොහිලවත්ත යන ප‍්‍රදේශවලද ජල සැපයුම විසන්ධි වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට තවත් පැය 12 කටත් වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවයි.