Friday, September 20, 2024

General line - 0115112241

මාලිංග එක්දින පිටියටත් ‘සමුදීමේ‘ සූදානමක්?



සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ වන විට වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටිනවා.

ඒ ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධයක් නිසාවෙන්.

පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයටද මාලිංගට අහිමි වුණේ ආබාධය සම්පූර්ණයෙන් සුව නොවීම නිසාවෙන්.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් විස්සයි විස්ස තරඟය කකුල කඩාගෙන හෝ ක්‍රීඩා කරන බව මාලිංග මාධ්‍ය වෙත පවසා තිබුණා.

නමුත් මාලිංගට එම තරඟයද ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ආරංචිමාර්ග මේ වන විට පවසන පරිදි ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමිට තීරණය කර ඇති බව පැවසෙනවා.

ටෙස්ට් පිටියට සමුදුන් මාලිංග ආබාධයට ලක්වීමට පෙර එක්දින හා විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කරමින් සිටියා.

ඒ අනුව ඉදිරියේදී එක්දින තරඟ වලින් සමුගෙන විස්සයි විස්ස තරඟ පමණයක් ක්‍රීඩා කරනු ඇති බවයි පැවසෙන්නේ.

මාලිංගගේ සේවය ලබාගැනීමේ උත්සහයක ක්‍රිකට් ආයතනය නිරත වී සිටියද ඔහු එක්දින තරඟ වලට සහභාගී වීමට අකමැත්ත පළකර ඇති බව කියයි.

ලබන ජනවාරි මාසයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට මාලිංග ක්‍රීඩ කරනු ඇති බවයි පැවසෙන්නේ.