Friday, September 20, 2024

General line - 0115112241

‘මැරෙන්න අවසර ඉල්ලූ ලොව මුල්ම දරුවාගේ‘ අරමුණ සඵල වෙයි!



බෙල්ජියමේ පළමු වරට දරුවෙකු සිය කැමැත්තෙන් දිවියට සමුදී තිබේ.

දරුවන්ට හැර මරාන්තික රෝග තත්වයකින් පසුවන ඕනෑම පුද්ගලයෙකුට සිය කැමැත්තෙන් දිවි තොර කර ගැනීමේ අවස්ථාව බේලජියමේ මින් පෙර තිබුණි.

ඒ අනුව දරුවෙකුට සිය කැමැත්තෙන් ජීවිතක්ෂයට පත්වීමේ ලබාදුන් පළමු රට බෙල්ජියමය.

වෛද්‍යවරයාගේ සහය අතැතිව මෙම දරුවා මෙස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

දරාගත නොහැකි තත්ත්වයේ ශාරීරික වේදනාවකින් පෙළෙමින් සිටි ෆ්ලෙමිෂ් පළාතේ දරුවකුට මෙලෙස මරණයට පත්ව ඇති අතර බලධාරීන් දරුවා සම්බන්ධ වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත.

මේ අනුව ඕනෑම වයසක පසුවන මාරාන්තික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙකුට ස්ව කැමැත්තෙන් මරණය වැළඳ ගැනීම සඳහා අවසර ඇති එක ම රට වන්නේ ද බෙල්ජියමයි.

තවත් දරුවන් කිහිප දෙනෙකුද ස්ව කැමැත්තෙන් මරණය ලගාකර දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් දරුවෙකුට ස්වකැමැත්තෙන් මරණය ළඟා කර ගැනීම පහසු නොවන බව කියැවේ.

ස්ව කැමැත්තෙන් මරණය ආයාචනා කරන දරුවෙකු මරාන්තික රෝගයක උච්චතම අවසථාවේ පසුවිය යුතු අතර මරණය පිලිබඳ අවබෝධයක්ද තිබිය යුතුය.එමෙන්ම දෙමාපියන්ගේ අවසරයද මේ සඳහා අවශ්‍ය වන අතර රෝගියා දැඩි චිත්ත පීඩාවකින් සිටින බවට වෛද්‍යවරයෙකු ස්නාථ කළ යුතුය.

කෙසේ වෙතත් දරුවන්ට ස්ව කැමැත්තෙන් මරණය ළඟා කර දීම සඳහා වන මෙම නීතියට ඇතැම් ළමා රෝග පිළිබඳ විශේෂඥවරුන්ගේ සහ පූජ්‍ය පක්ෂයේ විරෝධය එල්ල වී තිබේ.

download