Friday, September 20, 2024

General line - 0115112241

පරිපාලනය අමෙරිකාවට දෙන බව කියන කතාව පට්ටපල් බොරුවක්




මෙරට රාජ්‍ය පරිපාලන ක්ෂේත‍්‍රයේ කළමණාකරන කටයුතු අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට සූදානමක් ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. ජාතික නිදහස් පෙරමුණ ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදි එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසුවේ අපකීර්තිමත් අමරිකානු සමාගමක් වන මැකින්සි නම් සමාගමක්  රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කර ගැනීම දෙමළ ඩයස්පෝරාවේ උවමනා ඉටුකිරීමක් බවද යන්න එහිදී විමසා සිටියා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාගෙන් කළ කරුණු විමසීමකදි ඔහු වැඩිදුරටත් කියාසිිටියේ දේශපාලඥයින්ට කියන්න දෙයක් නැතිතැන මෙවැනි චෝදනා කරනා බවය. මෙවැනි අභූත චෝදනා ගැන නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසුවා.