Friday, September 20, 2024

General line - 0115112241

සියල්ලන් භීතියෙන් බලා සිටී – නයි වෛරයෙන් පසුවන දුමින්ද සමග වෙලේසුදා හිර ගෙදර හමුවී සිදු වෙච්ච දේ මෙන්න



භාරත ඝාතනයට මරණ දඬුවම නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිටින වෙලේ සුදා පසුගිය කාලයේ අමනාපයෙන් සිටි බවයි වාර්තා පළ වුණේ.

මේ නිසා දෙදෙනා බන්ධනාගාරය තුළ ගැටුම් ඇති කර ගනීද යන භීතියෙන් බන්ධනාගාර නිලධාරීන් ද පසු වුණා.

මේ අතර දෙදෙනා පසුගිය දා බන්ධනාගාරය තුළ එකට හමුවී තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ කිසිවෙක් නොසිතූ කරුණක් එහිදී සිදුවූ බවයි.

ඔවුන් එහිදී මිත්‍රශීලීව කටයුතු කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

දුමින්ද B 3 කුටියේද වෙලේ සුදා C 3 කුටියේද මේ වන විට රඳවා සිටිනවා.