Friday, September 20, 2024

General line - 0115112241

ඉරාජ්ගේ ගිනියම් රැය ‘ඩිස්ලයික්’ වලින් ගිනියම් වෙයි



ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව ඊයේ එළි දක්වනු ලැබුවා.

මේ ගීතය නම්කොට තිබුණේ ගිනියම් රෑ ලෙසින්.

මෙය ගායනා කරනු ලබන්නේ Shermaine Willis, ඉරාජ් හා පසුගිය දිනවල මවට කුනුහරපයෙන් බැන්නා යැයි දැඩි කතාබහට ලක්වූ කයිසර් කයිස් විසිනුයි.

කෙසේ වෙතත් මෙම වීඩියෝව මේ වන විට සමාජ ජලා වෙබ් අඩවි වල ඉතා දැඩි ලෙස කතා බහ වෙමින් තිබෙනවා.

වීඩියෝවේ ඇති අඩ නිරුවත් දර්ශණත්,වීඩියොවේ දැක්වෙන සමලිංගික කතා තේමාවත් නිසා මෙය ඉතා ආන්දෝලනයට තුඩුදුන් වීඩියෝවක් බවට පත්ව තිබෙනවා.

ඉරාජ්ගේ යූ ටියුබ් නාලිකාවේ ඇති මෙම වීඩියෝවට කැමැත්ත පළකර ඇති පිරිසට වඩා නොකැමැත්ත පළකර ඇති පිරිස මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට එයට කැමැත්ත පළකර ඇති පිරිස එනම් ලයික් කර ඇති පිරිස 1781 ලෙස දැක්වෙන අතර නොකැමැත්ත පළකර ඇති පිරිස එනම් ඩිස්ලයික් කර ඇති පිරිස 1834ක්

88888