Friday, September 20, 2024

General line - 0115112241

හොලිවුඩය ප්‍රේමයෙන් මුසපත් කළ ‘බ්‍රැන්ජ්ලිනා‘ සදහටම වෙන්ව යයි!



හොලිවුඩයේ ඉතා සුන්දර පවුල් දිවියක් ගත කළ, බොහෝ දෙනාගේ ආදරයට හා ගෞරවාදරයට පාත්‍ර වූ අන්ජලීනා ජොලී – බ්‍රැඩ් පිට් යුවළ දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.

මෙම දික්කසාද නඩුව ගොනුකර ඇත්තේ ඇන්ජලීනා ජොලී බවයි සඳහන් වන්නේ.

දෙදෙනා අතර ඇති වෙනස්කම් හා පරස්පර විරෝධි අදහස් දික්කසාද වීමට හේතුව ලෙස දක්වා ඇත.

මෙහිදී ඇන්ජලීනා ජොලී සිය දරුවන් 6 දෙදෙනාගේ භාරකරත්වයද ඉල්ලා තිබේ

කෙසේ වෙතත් පිට් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ තමා මේ පිළිබඳව දැඩි ලෙස කණගාටු වන බවය.නමුත් මේ මොහොතේ වඩා වැදගත්ම දෙය දරුවන්ගේ යහපැවැත්ම බවද ඔහු සඳහන් කර තිබුණා.

දරුවන්ගේ කටයුතුවලට බ්‍රැඩ් වඩාත් නැඹුරුවක් දැක්වීම නිසා ඇතිවූ අමනාපය මොවුන් දෙදෙනාගේ දික්කසාදයට ආසන්නතම හේතුව වී ඇති බවයි මෙම යුවළට සමීප පිරිස් පවසා ඇත්තේ.

ජොලී හා පිට් යුවලගේ හාදකම ඇතිවන්නේ ඔවුන් දෙදෙනා රඟපෑ මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් චිත්‍රපටයේදීයි.

ඉන්පසුව පිට් තම එකළ බිරිඳ වූ ජෙනිෆර් ඇනිස්ටන් දික්කසාද කරන අතර 2004 වසරේ සිට ඇන්ජලීනා ජොලී සමග එකට වාසය කිරීම අරඹා තිබේ..

2004 වසරේ සිට අවුරුදු 10ක් එකට වාසය කළත් ඔවුන් දෙදෙනා විවාහ වූයේ පසුගිය 2014 වසරේදීය.

මොවුන් දෙදෙනා අතර පැවති ආදරය නිසාම මොවුන්ට ‘බ්‍රැන්ජ්ලිනා‘ යන නමද පටබැඳී තිබුණා.

2014 වසරේ ඇමරිකානු පුවත්පතක් කළ ඡන්ද විමසීමකදී නලු – නිළි යුවළකට පටබැඳි ජනප්‍රියම නාමය ලෙස මෙය සටහන් වුණා.

ඇන්ජලීනා ජොලී කාලයක පටන් පියයුරු පිළිකාවකින්ද පීඩා විඳින්නියකි.

fp_7006830_joliepittfamily_walk_fp7_46_55

scatenare-gli-ormoni-di-ogni-maschio-9-frasi-che-lo-infiammano-davvero

160920154626-pitt-jolie-file-exlarge-169

angelina-jolie-and-brad-pitts-children-are-very-unruly-say-family-insiders-who-are-also-worried-about-the-kids-health-and-hygiene

angelina-jolie-brad-pitt_0

brad-pitt-angelina-jolie