Friday, September 20, 2024

General line - 0115112241

ජනපති 71 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතයි (VIDEO)




ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සිය ආණ්ඩුව කැප වී සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජාතික සංහිඳියාව ඇති කිරීම සහ නැවත යුද්ධයක් ඇති වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම ද සිය ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවන් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වූවා.

ස්වදේශවාදී චින්තනය මුල්කරගත් අන්තර් ජාතික සහයෝගීතාවන් හි ඇති වැදගත්කම ජනාධිපතිවරයාගේ කතාවේදී අවධාරණය කෙරුණු තවත් කරුණක්. ශ‍්‍රී ලංකාව ද ස්වදේශවාදී චින්තනය මුල්කරගත් අන්තර් ජාතික සහයෝගීතාවන් ඇතිකර ගැනීමට කටයුතු කරමින් සිටින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

2017 වර්ෂය ශ‍්‍රී ලංකාව දුගී බවින් නිදහස් කරගැනීමේ වර්ෂය ලෙස නම් කර තිබෙන බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ. පාසල් දරුවන්ට සහ තරුණ පරපුරට පිළිලයක් වී ඇති මත් උවදුර මැඞලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට වඩා අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසුවා. ඒ සඳහා වඩා විධිමත් සහ ශක්තිමත් ජාත්‍යන්තර වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

(වීඩියෝව පහතින් නරඹන්න)

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් ද මුණගැසුණා.

මෙම හමුවීම් දෙකේදීම ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය ඇගයීමට ලක්වූ බවයි අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික‍්‍රම කියා සිටියේ.

14379822_10154389791831327_1695285200407500064_o