Friday, September 20, 2024

General line - 0115112241

ෆේස්බුකියෙන් පැතිරුණු අලි බොරුවක් ගැන AB සියලු ඇත්ත හෙළිකරයි



ඒබී ඩිවිලියර්ස්..දැනට ලෝකයේ සිටින හොඳම පිතිකරු කිව්වොත් ඒක අතිශොක්තියක් නෙමෙයි.

දකුණු අප්‍රිකානුවෙකු වුවත් ඔහුට ලොව පුරා අති විශාල රසිකයන් පිරිසක් සිටින්නේ ඔහුගේ ඇති අතිවිශ්ෂ්ඨ හැකියාව නිසාමයි.

ඔහු එල්ලකරන ඇතැම් පහරවල් අදටත් ලොව කිසිම ක්‍රීඩකයෙකුට එල්ල කිරිමට හැකියාවක් නැහැ.

ඔහු පිටිය පුරාම එල්ල කරන එම පහරවල් නිසාම මිස්ට 360 යන අනවර්ථ නාමයක්ද ඔහුට පට බැදෙනවා.

ඒබී ගැන තවත් කතා පුවතක් පසුගිය කාලය පුරාම විවිධ වෙබ් අඩවි වල මෙන්ම සමාජ ජාලා වලද වාර්තා වුණා.

ඒ තමයි ඒබී ක්‍රිකට් විතරක් නෙමෙයි තවත් ක්‍රීඩා වලින් සුවිශේෂි දක්ෂතා දක්වා අති බව.

පිහිනුම් හා මලල ක්‍රීඩා ඉසව් වලින් ඔහුට ජාතික වාර්තා ඇති බවත්,බැඩ්මින්ටන් වලට සුවිශේෂි දක්ෂතාවක් ඇති බවත්,ගෝල්ෆ් රග්බි හා පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස වාර්තා පිහිටුවමින් ජාතික කණ්ඩායම් නියෝජනය කළ බවත් එම වාර්තා වලින් දැක්වුණා.

කෙසේ වෙතත් පසුගිය දිනෙක එළිදැක්වුණ ඒබීගේ ස්වයං චරිතාප්‍රදානයේදී මෙම කතා පුවත් ගැන ප්‍රතිචාර දක්වා තිබුණා.

‘මම උසස් පාසලේදී හොකී සෙල්ලම් කළා,නමුත් මා කිසිදිනෙක ජාතික හොකී කණ්ඩායමට තේරිපත් වූයේ නැහැ.ඒ වගේ තත්වයක් අසළටවත් ඒමට මට හැකිවූයේ නැහැ‘

‘විනෝදෙට,පාසලේ විවේකයක් ලැබුණම පාපන්දු ක්‍රීඩා කළත් කිසිදාක ජාතික මට්ටමින් මා පාපන්දු ක්‍රීඩා කළේ නැහැ.‘

‘රංගර් වලින් මා කිසිදිනෙක මොනයම් හෝ මට්ටමකින් දකුණු අප්‍රිකාව නියෝජනය කළේ නැහැ.‘

‘මම පාසල වෙනුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩා කොට නැහැ.මාගේ මතකය නිවැරදි නම් මාගේ ජීවිත කාලයටම ක්‍රීඩා කර ඇත්තේ එකම එක බැඩ්මින්ටන් තරඟයක් පමණයි.එයත් මාක් බවුචර් සමග විනෝදෙට මෙන් ක්‍රීඩා කළ තරඟයක් (හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නෙක්)‘

යැයි ඩිවිලියර්ස් අදහස් දක්වා තිබුණා.