Friday, September 20, 2024

General line - 0115112241

දුමින්ද එක්ක පෝරකයට ගිය S F ගේ මුහුණු පොතත් හිටි හැටියේ සක්‍රීය වෙයි – ඇතුලේ වෙන දෙයක් ගැන හිරුණිකාගෙන් හෙළිදරව්වක්!



සිය පියාගේ ඝාතනයට මරණ දඬුවම නියම වූ S F බණ්ඩාරගේ මුහුණු පොත සැප්තැම්බර් 12 වනදා සිට යාවත්කාලීන වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා එරන්ජලී ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඇය මේ බව පවසා තිබුණේ ඇයගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළකරමින්.

බන්ධනාගාරය තුළ ලැප්ටොප් හෝ ස්මර්ට් ෆෝන් ලඟ තබාගත්තේ කෙසේදැයි ඇය එහිදී විමසා තිබෙනවා.

අදාල පුද්ගලයින්ගේ ෆේස්බුක් ඊමේල් ලිපින සහ රහස් සංකේත වලින් බන්ධනාගරයෙන් පිටත සිට ඕනෑම අයෙකුට එම ගිණුම් යාවත්කාලීන කල හැකි වුවත් බන්ධනාගාරයේ ඇතුලේ වෙන යම් යම් සිදුවීම් දන්නා නිසා තමාට සැකයක් පවතින බවත් ඇය එහිදී සඳහන් කර තිබුණා.

ඇය මේ පිළිබඳව පොලිස්පතිතුමාගේ අවධානයටද යොමුකොට තිබුණා.

යාවත්කාලීන වූ S F බණ්ඩාරගේ ෆේස්බුක් ගිණුම යැයි ඇය පළකොට තිබූ ඡායාරූප පහතින්..

14457479_10154130904913285_2293947321654847481_n

14355522_10154130905278285_6996644678152079865_n

14355654_10154130905048285_3806545431892719934_n

14370008_10154130905228285_2470018475948228776_n

14440887_10154130905128285_6489673358434159471_n