Friday, September 20, 2024

General line - 0115112241

පොත් ප‍්‍රදර්ශනයේ 08 වැනි දිනය අදයි




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අටවන දිනය අදයි. ගත වූ දින 07 තුළ ලක්ෂ හතකට අධික ජනතාවක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණි බවයි සංවිධායකයින් පවසන්නේ.

මෙම සති අන්තයේ ද විශාල ජනකායක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඔවුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක කරන බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් උපාලි වනිගසූරිය පැවසුවේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස කටයුතු කරන්නේ නෙත් එෆ්ග එම්ග රේඩියෝවයි.

නෙත් එෆ්.එම්. ප‍්‍රදර්ශන කුටියක් ද ප‍්‍රදර්ශන භූමියේ පිහිටුවා තිබෙනවා. අවශ්‍යතා සහිත පාසල්වලට බෙදාදීම සඳහා පොත්පත් එකතු කිරීම එහිදී සිදුකෙරෙන ප‍්‍රමුඛ කටයුත්තක්.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නෙත් එෆ්.එම්. කුටියට පැමිණෙන පිරිසට ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාවක් හිමියි. ඒ සඳහා සරල හා විනෝදාත්මක තරග කිහිපයක් සංවිධාන කර තිබෙනවා.

බැලුම්ගල වැඩසටහන සඳහා පැමිණිලි භාරගැනීම ද මෙහිදී සිදුකිරීම විශේෂත්වයක්.