Friday, September 20, 2024

General line - 0115112241

සිගරට් මිළ වැඩිවීම ස්ථිර වේ – මෙන්න වැඩිවන මිළ ගණන්



රුපියල් 05කින් සියලුම දුම්වැටිවල මිළ ඉහළ දමා එයට වැට් බදු එකතු කිරීමට රජය සුදානම් වන බව වාර්තා වනවා.

කැබිනට් මණ්ඩල අනුකාරක සභාව ගෙන තිබෙන මෙම තීරණය සැප්තැම්බර් 27 වන දා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ.

වෙළෙඳ පොලේ රුපියල් 35 ක් ලෙස අලෙවි වන දුම්වැටියක මිළ රුපියල් 40 දක්වා ඉහළ දමා එයට 15% ක බදු මුදල එකතු වීමත් සමග එහි නව මිළ රුපියල් 46 දක්වා ඉහළ යනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම මිළ වැඩිවීම සියලු දුම්වැටි සඳහා බලපානු ඇති.