Friday, September 20, 2024

General line - 0115112241

යාල කැලේ තවමත් ඉන්නව “ගෝනි බිල්ලෝ“



ගෝනි බිල්ලාට බය නොවූ දරුවෙක් මීට දශක දෙක තුනකට එහා මෙරට ගම්බද සමාජයේ නොසිටි තරම්ය. කුඩා දරුවන් බය කිරීමට සදාගත් හිතළුවක් පමණක්ම නොව, දරුවන් රැගෙනයාම ඒකාලයේ ඉඳහිට හෝ ගෝනි බිල්ලන් නොආවා නොවේ.

ගෝනි බිල්ලන් අල්ලා ගන්නා දරුවන්ට නවතින්නට වන්නේ කරවල වාඩියක කරවල වේලීමට, මැණික් පතලක වැඩ කිරීමට නැත්නම් ගංජා හේනක රහසිගතව මෙහෙවර කිරීමට බව වැඩිහිටියෝ ගෝනි බිල්ලාගේ බිය දෙගුණ තෙගුණ වන්නට දරුවන්ට පැවසූහ.

සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින්, යාල වනාන්තරයේ නීති විරෝධී පතල් කර්මාන්තයේ නියුතු පුද්ගලයකු පවසා තිබුණේ, කවුරුන් හෝ යාල කැලයේ ඇවිදිද්දී ගංජා හේනක් හෝ පතල් වාඩියක් දුටුවහොත් ඒවායේ සිටිනා මිනිසුන්ගේ ඇස ගැටෙන්නට මත්තෙන් හැකිතාක් ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසය. මන්ද යත් එසේ නීතිවිරෝධී කටයුත්තක නිරතවන්නකුගේ ඇස ගැටුණහොත් රහස් හෙළිවීම වලකාගන්නට, පතලේ හෝ ගංජා හේනෙ සැමදා සේවය කිරීමට සිදුවනු ඇතිබවය. ඇතැම්විට එය ජීවිතයේ අවසානයද විය හැකිය.