Saturday, September 21, 2024

General line - 0115112241

කොළඹ කුණු අද හෙටම කොළඹින් පිට කෙරේ




කොළඹ නගරයේ එක්රැස් වන කැළි කසළ ඒකල ප්‍රදේශයට බැහැර කිරීම සඳහා පරිසර බලපත්‍රය ලබාගැනීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් සහ විධිමත් පරිසර තක්සේරුවක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශය කැලි කසළ බැහැර කිරීම සඳහා තෝරාගත් බවයි.

ඒ අනුව අදාළ බලපත්‍රය ලබාගත් වහාම කොළඹ නගරයේ කැලි කසළ ඒකල ප්‍රදේශයේ තෝරාගත් ඉඩමට බැහැර කෙරෙනු ඇති.

ඒකල ප්‍රදේශයට කැලි කසළ බැහැර කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් පසුගියදා ජා ඇල සහ ඒකල ප්‍රදේශවාසීන් දැවැන්ත විරෝධතාවයක ද නිරත වුණි.