Friday, September 20, 2024

General line - 0115112241

ඉරාජ්ගේ ‘ගිනියම සීගිරි ලලනාවට‘ සමාන කළ සමන්ත භද්‍ර හිමිට මහජන අයිතීන් සුරකින්නෝ අවි අමෝරති!



ගායන ශිල්පී ඉරාජ් වීරරත්න පසුගිය එළිදැක්වූ ගිනියම් රෑ වීඩියෝව සමාජයේ බොහෝ කතාබහට ලක්වුණා.

ගීතයේ ඇති අඩනිරුවත් දර්ශණත්,සමලිංගික කතා තේමාවත් නිසා මෙය බොහෝ දෙනාගේ විවේඡනයට ලක්වුණා.

සමන්ත භද්‍ර හිමියන් විසින් පවත්වනු ලබන සම්මා දිට්ඨි නම් වැඩසටහනකදී ද මේ පිළිබඳ අදහස් පළවී තිබුණා.

එහිදී උන්වහන්සේ පවසා තිබුණේ මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බවයි.කාමයෙන් ආශක්ත වූ මිනිසුන්ට කලාවේ සෞන්දර්ය නොපෙනෙන බවත් කාමයෙන් පිරි දෙනෙතින් යුත් ලාංකීය සංස්කෘතිය තුල සුචරිතවාදීන් යැයි පවසන ඇතැම් උගතුන් විසින් විවේඡනය කරන ලද කලා නිර්මාණ හා දක්ෂතාවන් ගෙන් පිරි තරුණ සමාජය කකුලෙන් ඇද දමන දුපත් මනසිකත්වය නැවතිය යුතු බවත් උන්වහන්සේ එහිදී පවසා සිටියා.

කෙසේ වෙතත් සමන්ත භද්‍ර හිමිගේ මෙම ප්‍රකාශයට විරුද්ධව මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

‘‘දෙහිවල ශ්‍රී සඳහම් ආශ්‍රමයේ සිටින සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ පවසන්නේ ඉරාජ්ගේ ගිනියම් රෑ ගීත විඩියෝව වැරදි නම් අප සීගිරි බිතුසිතුවම් ද වසා දැමිය යුතු කියාය. ස්වාමින්වහන්සේ කෙනෙකු ලෙස එකල කාන්තාවන් එලෙස ඇඳ සිටි ආකාරය ගැන කියමින් අප අද සාමාජ සංස්කෘතියට විරුද්ධ සදාචාරත්මක නොවන වීඩියෝව සාධාරනය කිරීමට යෑම හෙලා දැකිය යුතුය. තවද සීගිරී බිතිසිතුවම් තුල ගැහැනුන් දෙදෙනෙකු සිපගනිමින් සමලිංගිකව හැසිරෙන බවක් නොපෙනේ.ස්වාමින්වහන්සේ කෙනෙකුට ඔහූහේ පෞද්ගලික මතයන් ඉදිරිපත් කිරීමේදී ඔවුන් සමාජයට දෙන ආදර්ශය කුමක්ද කියා සිතා බැලිය යුතුය, එහි සදාචාරත්මක භාවය ගැන තම සිතට තට්ටු කල යුතුය. එය එසේ කිරීමට නොහැකිනම් ඔවුන් එම ජීවිතයට නොසුදුසු බව අපට හොඳින් හැගේ. තම උපන්දින උත්සවයට උරූමස් සංග්‍රහ කෙරු අය, අද කරනා කියනා දේ ගැන අපි පුදුමයට පත්වන්නේ නැත. රජ ආසනවල සිටින එවන් අයගේ කතාවන් උලුප්පා පෙන්වමින් ඇතැම් මාධ්‍ය කරන්නේ ද උතුම් බුදු දහමට අපහසයකී.‘‘ යැයි එම නිවේදනයේ දැක්වෙනවා.

14425395_167310870381091_3313056191364681587_o