Saturday, September 21, 2024

General line - 0115112241

මහින්ද නායකත්වය දෙන අලුත් පක්ෂය 02 වැනිදා එනවා (VIDEO)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂය ලබන ඔක්තෝබර් 02 වැනිදා එළිදැක්වීමට සූදානම් බව වාර්තා වෙනවා.

ඒ ඔක්තෝබර් 02 වැනි ඉරිදා මාතර, වැලිගම ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත ජන රැළියකදීයි.

ඉරිදා සවස 03.00 ට පැවැත්වෙන එම ජන රැළිය සංවිධාන කර තිබෙන්නේ හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින්. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගී වීමට සූදානමින් සිටිනවා.

නව දේශපාලන පක්ෂයේ ලාංඡනය නෙළුම් මල් පොහොට්ටුවක් බව කියැවෙන වීඩියෝ පටයක්ද මේ වන විට මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනවා.

වෙනසින් ඇරඹුණු – වෙහෙස නිමාවන
නෙත සිත පිනවන – සුබ ලකුණක්
රටම සුගන්ධවත් කරමින් – ඔක්තෝබර් 02 වැනි දා… යනුවෙන් සඳහන් කරමින් අදාළ වීඩියෝ පටය ආරම්භ වනවා.

mahinda-yapa-700

(එම වීඩියෝව පහතින් නරඹන්න..)